කඩදොර විහාරය සොයා කොත්මලේ බලා.

2020.03.13


කඩදොර විහාරය සොයා කොත්මලේ බලා.




හෙම්මාතගම ගම්පොල මාර්ගයේ උදෑසන මීදුම් අතරින් කොත්මලේ කරා ගමන් ඇරඹු අපගේ අරමුණ වුයේ කොත්මලේ ජලාශයට යටවී තිබු කඩදොර විහාරය දැකබලා ගැනීමයි.මේ දිනවල පවතින අධික වියලි කාලගුණ තත්වය නිසා එය ජලයෙන් මතු වී ඇතැයි යන පුර්ව නිගමනයින් පිටත් වුවා මිස හරියටම නිශ්චය කර ගැනීමට තරම් තොරතුරක් අපට නොතිබිණි.





අම්බුළුවාව එක් පසකින් 




මහවැලි ගඟ හරහා උලපනේ


උලපනේ නව පාළම 


ගම්පොල උලපනේ පැරණි පාළම .මෙය මෝඩයාගේ පාළම ලෙසත් හඳුන්වනවා.







රෙබරෝසියා මලින් පිරුණු කොත්මලේ මාර්ගය 


සුපුරුදු කොත්මලේ මාවෙල මාර්ගය 






ගම්පොල මාවෙල මාර්ගයේ මුල් හරියේදි දකුණු පසින් ජලාශයට ප්‍රවේශ මාර්ග කීපයක්ම පහසුවෙන් සොයාගත හැකිය.නමුත් විහාරය ඇත්තේ කොයි ප්‍රදේශයේද යන්න හරියටම නොදන්නා නිසා එක් තැනකින් පටන් ගෙන ජලාශයේ ඉවුර දිගේම ගමන් කිරීමට අපි තීරණය කළෙමු.









පැරණි කොත්මලේ ප්‍රදේශයේ ගොඩනැගිලි ආදියෙහි ස්ථාවර ව්‍යුහයන් බොහොමයක් තවම දැකගත හැකිය.




අවසානයේ අප මෙතෙක් දුරක් සොයා ආ ඉලක්කය මෙය බැව් වටහා ගනිද්දී අවබෝධ වුයේ අපගේ පැමිණීම වේලාසන වැඩි බවයි.



විහාරගෙයි මුලු සතර බිත්ති පමණක් මතුවී තිබිණි.


වැලි සහිත පොළොව ජලය අනුක්‍රමිකව අඩුවීම ස්තර ආකාරයෙන් පැහැදිලිවම දක්නට පුළුවන්.











ජලයෙන් යටවූ ගලින් කල පැරණි පැති බැමි






පැහැදිලි නිල්වන් ජලයේ විහාරයට ඇත්තේ මීටර් කිහිපයක දුරක් වුවත් හොඳින්ම ළගාවීමට නම් තව මීටර් කිහිපයක් ජල මට්ටම අඩු විය යුතු මට්ටමක පැවතිනි.




විහාරස්ථානය පෙනෙන මානයේ මල් පහන් දල්වා ගොස් ඇති ආකාරය 










ජලාශයේ වේල්ල ඉතාම ආසන්නයේ පිහිටා තිබීම නිසා විහාරස්ථානය ඉදිරිපසින් නැරඹීමට නම් ජල මට්ටම හොඳින්ම අඩු විය යුතුයි .
 






දුරින් පෙනෙන මහවැලි මහා සෑය 








උකුස්සන් මේ ප්‍රදේශයේ පහතින් පියාසැරීම බහුලව දැකිය හැකි ලක්ෂණයක්.ජලාශයේ මසුන්ගේ ගොදුරු සොයා යාමේදී උකුස්සෙකුගේ පහර දීමකින් මිය ගොස් සිටි යෝධ මිරිදිය මත්සයෙක් 






දියවී යාමෙන් මතුවී ඇති පාංශු ස්ථර







රෙබරෝසියා මලින් නැහැවුන දෙහදු කඩුල්ල.








මහවැලි මහා සෑය 






මහවැලි යෝජනා ක්‍රමයේ නිමවූ කොත්මලේ ජලාශ නැරඹුම් මැදිරිය හා කොත්මලේ තොරතුරු මධ්‍යස්ථානය










ජලාශ ව්‍යාපෘතියට අයත් සියලුම තොරතුරු මෙන්ම පැරණි චායාරූප මෙහිදී දැකබලා ගත හැකියි.






ස්කන්ස්කා නම් ස්විඩන් සමාගමක් විසින් මෙහි මුලික ඉංජිනේරු ඉදිකිරීම් කර තිබෙනවා.මෙම සමාගම ඉදිකිරීම් ක්ෂත්‍රයේ ලෝකයේ පස් වන තැන ගන්නා යුරෝපයේ  කීර්තිමත් සිවිල් ඉංජිනේරු සමාගමක්.






3D ආකෘතියකට අනුව නිමවූ ජල පෝෂක ප්‍රදේශ සහ වේල්ල අවට ප්‍රදේශ











Comments

Post a Comment

Popular Posts