දැරණියගල මාලිබොඩ, ඇලි හත.

2019.03.16
දැරණියගල මාලිබොඩ, ඇලි හත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාරිසරිකව අතිශයින් වැදගත් මෙන්ම දර්ශනියම ප්‍රදේශයක් වන දැරණියගල විශාල ජල පෝෂක ප්‍රදේශ වලින් එකක් මෙන්ම දැනට ශ්‍රි ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශය ලෙසත් සැලකෙන උඩ මාලිබොඩ ප්‍රදේශයත් අයත්.





දික්ඇල්ල කන්ද ප්‍රදේශය.


දික්ඇල්ලකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදි වෙමින්. 













මාලිබොඩ තේ කර්මාන්ත ශාලාව 



















මෙහි විශාල තේ වතු ඇති නිසාත් මාර්ග කීපයක් ඇති නිසාත් නිවැරදිම මාර්ගය අසා දැන නොගතහොත් ගමනේ ඉදිරියට කාලය මදි වීම නිසා ඇලි හතම බැලීමට ඇති අවස්ථාව නොමැති වෙනවා.හල්වතුරකැලේ කොටස හරහා මාර්ගය නිවැරදිම මාර්ගයයි.





හල්වතුරකැලේ කොටස හරහා ඉදිරියට.









ශ්‍රීපාද රක්ෂිත මායිම.






ඇලි හතේ පළමු දිය ඇල්ල විදුලි බලාගාරයක් සමගම ඒ අසලින් පිහිටනවා.ලෝක උරුම රක්ෂිතයක,රටේ ප්‍රධාන වැසි වනාන්තරයක පෞද්ගලික විදුලි බලාගාර පිහිටුවන්නට අවසර දුන්නේ කවුද යන්න නම් විශාල ගැටලුවක්.














පුද්ගලික ජල විදුලි බලාගාර මාෆියාව නිසා රටේ වැදගත් ජල මුලාශ වලට අත්වී ඇති ඉරණම ඉතාම බරපතලයි.මේ ඇලි වල විශාල ජල ප්‍රමාණයක් දැක ගැනීමට නැහැ.අපි දැරණියගල දෙසට එන විටත් මේ mini hydro power station කිහිපයක්ම දැක ගැනීමට ලැබුනා.දැරණියගල ලංකාවේ mini hydro power වැඩිම බලාගත හැකි ප්‍රදේශයක්.රූකාසල් බලාගාරය දැරණියගල ප්‍රදේශයේ විශාල පාරිසරික හානි කල තවත් එක් ව්‍යාපෘතියක්.


















යෝධ වනස්පතීන්.මෙවැනි ව්‍යපෘති නිසා මෙවැනි ශාඛ කීයක් නම් කැපෙන්නට ඇත්ද..




  800mm යෝධ Coupling.







මේ චායාරුපය විශාල කිරීමකින් තොරව පෙනෙන ආකාරයයි. යෝධ හැකරල්ලාගේ ප්‍රමාණය 30cm පමණ වෙනවා .අඩියකට ආසන්නයි.



ඉතාම දුෂ්කර මාර්ගයක ඉහලට.දෙවෙනි දිය ඇල්ල දක්වා.












මේ වන විටත් දහවල් 2ට ආසන්නව තිබු නිසාත් සවස් වන විටත් කැලයෙන් යා යුතු නිසාත් ඉතිරි ඇලි බැලීමට යන ගමන මෙතනින් නතර කිරීමට සිදුවුනා.තුන්වන ඇල්ලත් පිහිටන්නේ මීට ටිකක් ඉහලින්.පළමු දෙවෙනි හා තෙවෙනි ඇලි වලට ඉක්මනින් යා හැකි උනත් ඉතිරි ඇලි බැලීමට නම් රක්ෂිතයේ තවත් ඇතුලටම යා යුතු වෙනවා.ඒ සදහා තවත් පැය දෙකක් තුනක් පමණ ගතවන බව මුලින් අපට දැන ගැනීමට ලැබුන නිසා ඒ අදහස වෙනත් දවසකට යොදා ගැනීමට තීරණේ කළා.





කාලාන්තරයක් තිස්සේ සෑදුනු විශාල ගැඹුරු ගල් කුහර කීපයක් මේ ස්ථානයේ ඇති නිසා ඒ දෙසට නොගොස් ආරක්‍ෂිත ස්ථානයකින් දිය නෑම වැදගත්.










































ඈතින් පෙනෙන ඇලි හත.

 

මාලිබොඩ තේ කර්මාන්තශාලාව ළග තේ කඩේ.




නක්කාවිට වැල් පාලම 






Comments

Popular Posts