කිතුල්ගල බෙලිලෙන

11.02.2020
කිතුල්ගල බෙලිලෙන




හෝමෝ සේපියන් බලන්ගොඩේන්සිස්  නැතහොත් බලන්ගොඩ ප්‍රාග් ඓතිහාසික මානවයා විසු ස්ථාන අතරින් විශේෂ තැනක් කිතුල්ගල බෙලිලෙනට හිමිවෙනවා.කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල නගරය මදක් පසු කර මහබාගේ පාරේ ඉංඔය රබර් වතුයාය මැදින් දිවෙන කඳුකර මාර්ගයක 5km පමණ ගිය පසු මෙම ලෙන හමුවේ.




ගොළු බෙල්ලන් අධිකව හමුවීම නිසා මෙය බෙලි ලෙන ලෙස හඳුන්වා තිබෙනවා.මෙය ලෙන තුනකින් යුක්තව අක්කර 28ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙනවා.







මෙහි මුලිකව හෝමෝ සේපියන් බලන්ගොඩේන්සිස් ගේ ප්‍රාග් ඉතිහාසය මෙසොතිලික යුගයට එනම් මධ්‍ය ශිලා යුගයට ක්‍රි.පු 40000 සිට 1000 දක්වා කාල පරාසයට අයත්.





1983දි පමණ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් මෙහි කැනීම් ආරම්භ කර මානවයින් 30 පමණ අස්ථි හා ක්ෂුද්‍ර ශිලා මෙවලම් රාශියක් මතු කරගෙන තිබෙනවා.කාල නිර්ණය අනුව මීට වසර 25000 -34000 පමණ කාලයකට දිව යන බව පැවසෙනවා.




තවද මෙම මානවයන් දඩයම් කළ සතුන්ගෙන්  ප‍්‍රමුඛත්වය ගන්නා සතුන් අතර වඳුරා ,අලියා, ගවරා, කුළුමීමා, ඌරා, ගෝනා, මීමින්නා, ඉත්තෑවා, හාවා, වලිකුකුළා, හබන් කුකුළා ආදී සතුන් ද සර්පයන් හා මත්ස්‍ය වර්ග වල ශේෂ කොටස්ද හමුවී තිබෙනවා.තවත් ප‍්‍රධාන ආහාරයක් වී ඇත්තේ ගස් ගොළුබෙල්ලන් ය.





පසු කාලීනව විහාර සංකීර්නයක් ඉදිකිරිම නිසා ඓතිහාසික සාධක බොහොමයක් විනාශ වී ඇති අතර තවමත් එහි නටඹුන් දැකිය හැකිය.





තවද මෙහි කැනීම් වලින් පබළු ආභරණ,පාට අඹරන්නට භාවිතා කල ගුරුගල් මෙන්ම ඉපැරණි ගල් බැම්මක නටඹුන්ද හමුවී තිබෙනවා.












පෑවිලි කාලවලදී පවා ඉහලින් කඩා හැලෙන ජල දහර ඉතා මනස්කාන්ත දර්ශනයක්.


අනෙකුත් ලෙන් සංකීර්ණ 
















Comments

Popular Posts