සීගිරිය කෞතුකාගාරය

2019.12.29

සීගිරිය කෞතුකාගාරය


සීගිරි යන බොහෝ දෙනෙක් නොදන්නා නොයන මෙන්ම ඉතාම වැදගත් තැනක් සීගිරි කෞතුකාගාර පරිශ්‍රය.මධ්‍යම සංස්කෘති අරමුදල මගින් නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය පරිසර හිතකාමී මෙන්ම වාස්තු ගෘහ නිර්මාණ ශිල්පයේ  අගනා නිර්මාණයක්.


 මෙහි පළමු කොටස පැරණි චායාරූප වලින් සමන්විත වේ.

















මෙම කෞතුකාගාරයේ දෙවන පරිශ්‍රයට ඇතුළු වීමේදී සියලු දුරකථන ආදිය විසන්ධි කරගන්නා ලෙස දැනුම් දෙන බැවින් කිසිම ආකාරයකින් චායාරූප ගැනීම සපුරා තහනම් වූ බැවින් එහි කිසිම චායාරූපයක් ගැනීමට නොහැකි වූ අතර වටිනා සියල්ල ඇත්තේ මේ පරිශ්‍රය තුල වන අතර එහි කිසිවක් විදේශිකයන්ට පවා කිසිම ආකාරයකින් චායාරූප හෝ වීඩියෝ ගත කිරීම සදහා අවසර නොදෙන අතර ඒ සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශේෂ අවසරයක් ගත යුතු වනවා.


මේ එහි අභ්‍යන්තරය චායාරූප අන්තර්ජාලයෙනි උපුටා ගැනීමකි.මෙහි චායාරූප අන්තර්ජාලයෙන් පවා සොයා ගැනීමටත් අපහසු තත්වයේ පවතී.


සීගිරිය පුරාවිද්‍යා භූමියෙන් සොයා ගන්නා ලද පුරා වස්තූන්




3D ආකෘතියට අනුව නිර්මාණය කරන ලද සීගිරි පුරාවිද්‍යා බිම්කඩ.



සිගිරිය පොතාන ප්‍රාග් ඓතිහාසික මානවයා විසු ලෙන් වල කැනීම් වලින් හමුවූ ගල් ආයුධ මෙවලම් පබළු ආභරණ වල විශාල එකතුවක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන අතර ඒ කිසිවක් චායාරූපයට ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්.

සීගිරියට නුදුරු අලකොලවැව ප්‍රදේශයෙන් කැනීම් වලින් මතුකරගත් අතීත මානවයා විසින් යබොර උණු කර යකඩ නිස්සාරණය කර ගත් උදුනේ ආකෘතිය ආදී සුවිශේෂී අංග රැසක් මෙහි නිමවා තිබෙනවා.ශ්‍රී ලාංකික උරුම ආකෘතින්හි අනුරූ නැවත ප්‍රතිනිර්මානය කිරීම වැනි කරුණු කාරනා නිසා මෙම කිසිම නිර්මාණයක චායාරූප ගැනීම සපුරා තහනම් කර තිබෙනවා.එනිසා අන්තර්ජාලයෙන් පවා මෙහි චායාරූප සොයා ගත හැක්කේ ඉතාම අල්ප වශයෙන්.







සීගිරි චිත්‍ර ඇති ලෙනේ ආකෘතිය 






පරිසර හිතකාමී ලෙස නිමවා ඇති ගොඩනැගිලි ව්‍යුහය
 




























සීගිරිය රාජ්‍ය සමයන්ගෙන් පසු කාලීනව භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආරම සංකීර්ණයක් බවට පත් වූ අතර බෝධිඝර, භාවනා කරන ආසන, විහාර පරිශ්‍ර ආදිය බොහෝ ප්‍රමාණයක නටඹුන් දැකිය හැක.





























Comments

Popular Posts