ලක්ෂපාන

11.02.2020
ලක්ෂපාන


කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය දෙසින් පැරණි ලක්ෂපාන පාරේ 3km පමණ දුරින් කළුගල වේල්ල දැකිය හැකි අතර දිගටම තවත් 15km පමණ ගිය විට ප්‍රකට ලක්ෂපාන ඇල්ලට ළඟා විය හැකිය.සබරගමු සහ මධ්‍යම පළාත් වෙන්කරන මායිමහි මෙම මාර්ගය පිහිටා ඇත.






මෙම මාර්ගය නල්ලතන්නියට ආසන්න කෙටි ප්‍රවේශ මාර්ගයක් වන නමුත් කඳු සහිත අබලන් වී ඇති මාර්ගයක් නිසා ගමන් කිරීම ඉතා දුෂ්කරය.


කළුගල හන්දිය.ලක්ෂපාන ඇල්ලටත්, ශ්‍රී පාදයටත් යා හැකි මාර්ගයක් ලෙස නාම පුවරු සවිකොට ඇති එම ස්ථානයෙන් සබරගමු පළාතෙන් මිදී මධ්‍යම පළාතට ඇතුළුවේ.බොහෝ ලෙස අබලන් මෙම මාර්ගය සමනල විදුලි බලාගාරය හරහා වැටී ඇත්තේ තවත් අවශේෂ මාර්ග දෙකකින් නෝර්ටන්බ්‍රිජ් හරහා යන දියගල මස්කෙළියට යාහැකි පරිදිනි. ඊට අමතරව මෙම මාර්ගය මස්කෙළිය ඔයට උඩින් යමින් තවත් මාර්ගයක් දැරණියගල ප්‍රදේශය කරා වැටී පවතියි.  








මහත් ආන්දෝලනාත්මක කළුගල බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය.කැළණි ගඟේ සංවේදී පාරිසරික කලාපයක් වන මෙම ප්‍රදේශයේ පටු ගල් දොරුවක් හරස් කරමින් ඉදිවන මෙම ජල විදුලි ව්‍යාපෘතිය කැලණි ගඟේ ඉදිවන අවසන් වේල්ල වන අතර මෙය වැඩ අවසන් වූ පසු මෙගාවොට් 35ක පමණ විදුලියක් ජාතික විදුලියට එක්වන බව කියැවේ.නමුත් මෙයින් සිදුවී ඇති පාරිසරික හානිය මෙතෙකැයි කිව නොහැක.





මෙමගින් පොල්පිටියේ මෙම ස්ථානයේ සිට කිතුල්ගල බලාගාරය දක්වා දැන් තිබෙන කැලණි ගඟ තව නොබෝ කාලයකින් නැතිව යන්නේය. නමුත් එසේ වුවහොත් රාෆ්ටිං ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කිතුල්ගලට අහිමිවනු ඇත. එම නිසාම දිනකට නිශ්චිත වෙලාවක් තුළ පමණක් ඒ සඳහා ජලය නිකුත් කිරීමට පිටත මාර්ගයක් (Bypass Tunne) වේල්ලට දකුණු පසින් නිමවා ඇත.







ඈතින් පෙනෙන සප්ත කන්‍යා කඳුවැටිය.








කොත්තැල්ලෙන හන්දියේ ඇති දැන්වීම් පුවරුව.



කොත්තැල්ලෙන කඩමණ්ඩියේ අසලින් පහලට වැටි ඇති මාර්ගයේ පහලට ගමන් කල යුතුය.පහලට බැසීමට ඇති ස්ථානය පඩිපෙල් බැඳ පහසුවෙන් යාමට සකසා ඇති බැවින් අපහසුවකින් තොරව ඇල්ල පහලටම ළගා විය හැකිය.









උසින් 126m පමණ වන ඇලි අතරින් ලංකාවේ 7 වන තැන ගන්නා ලක්ෂපාන සුන්දරත්වයෙන් මෙන්ම විදේශවල පවා ප්‍රසිද්ධියට පත්ව ඇති විශේෂී වූ තැනක්.





ජීව විවිධත්වයෙන් අනුන මේ පිරිසිදු දිය දහරා අතර අපට ආවේනික කඳුකර විශේෂී මත්ස්‍ය වර්ග රැසක් දකිනට පුළුවන්.










අඩි සිය ගණනක් උස ග්‍රැනයිට් බිත්තියත් ඒ මතින් කඩා හැලෙන දිය දහරත් සොබා දහමේ අපුර්ව නිර්මාණයක්.









Comments

Popular Posts