රජ මාවත දිගේ අවාරේ සිරිපා.

2019.08.09
රජ මාවත දිගේ අවාරේ සිරිපා.


රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ


රත්නපුර සිට ගිලීමලේ දක්වා මාර්ගය දිය ඇලි දිස්වන සුන්දර මාර්ගයක්.





ගිලීමලේ දක්වා වාහනයෙන් ගමන් ගත් අපි ගිලීමලේ ප්‍රාථමික විදුහලේ සිට ගමන් ආරම්භ කළා.පොද වැස්ස දිගින් දිගටම විටින් විට බාධාවක් වෙමින් පැවතුනත් සුදානම් වී පැමිණි නිසා ගමන වැස්සේම ආරම්භ කිරීමට තීරණය කළා.


සහෝදර මිතුරු කැළ


ගිලීමලේ රජ මාවත ආරම්භක ස්ථානය 



















වරා මල්






කොකටිය කන්ද ප්‍රදේශය.












ලයිකන විශේෂ.







ලිහිණි හෙළ ප්‍රදේශය








කෙන්දා පෙරලීමක් නිසා බොහෝ වේලාවක් ගමනට බාධා වුනත් එය යථා තත්වයට පත්කර ගැනීමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වුනා.ඒ අතරතුර අමුත්තෙකුත් අපි පිටුපසින් ගමන් කරමින් සෑහෙන දුරක් ආවා. නමුත් දෙන්න තරම් දෙයක් අපිට තිබුනේ නෑ.



ජාතික පක්ෂියා.




ශ්‍රී පාද රජමාවතේ ගමන් කරන පිරිස් පිටුපසින් කෑමට යමක් ඉල්ලමින් ඉතාම ආසන්නයට එන පුරුද්දක් මේ සතාට තිබෙනවා. එයම බොහෝවිට ඌට ජීවිත තර්ජනයක් වීමට පුළුවන්.
  





කෑමට යමක් දෙන තුරුම මෙයාගෙන් ගැලවීමක් තිබුනේ නෑ.








වනපෙත් තුලින් වැටුණු සුන්දර රජ මාවත. 




පැරණි පඩිපේලි පන්තිය











කළු ගඟ ආරම්භ වන ස්ථානය 






ඉතාම දැඩි සංවේදී පරිසර කලාපයක් වන කුණුදිය පර්වතය ආශ්‍රිතව ආරම්භ වන කළුගඟ මේ ප්‍රදේශයේ සිදුවන සුළු පරිසර වෙනස වීමකින් පවා කළු ගඟෙහි විශාල වෙනස්කම් සිදුවිය හැකි බැවින් මේ පරිසර සංවේදී කලාපය රැක ගැනීම ජාතියේම වගකීමක් වන අතරම කැළණි ගඟෙහි තත්වයද මෙයට වෙනසක් නැහැ.











මීදුම සෙමින් අප වට කරමින් 

















ගෙත්තම්පාන.


මේ වන විට සියලු දෙනා බොහෝ සෙයින් වෙහෙස වී පැමිණියත් හාත්පස මීදුම හා අඳුර අප වට කරමින් පැවති නිසා තවදුරටත් නොනැවතී යාමට තීරණේ කළා.








ධර්මරාජගල 











මින් ඉදිරියට ආලෝක තත්වය බොහෝ දුර්වල වූ නිසා විදුලි ආලෝකයෙන් අපිට ගමන් කිරීමට සිදුවුනා.වෙහෙස වුනත් ඉක්මනින්ම රාත්‍රී නවාතැන් ස්ථානය කරා යාම කාගේත් අරමුණ වුනා.





අම්බලමේ ටෙන්ට් සකස් කල පසු රාත්‍රී ආහාරය සුදානම් කළා.









ශ්‍රී පාදයට තවත් අලුත් උදෑසනක්





හැටන් නල්ලතන්නි මාර්ගයට ප්‍රවේශ අතුරු මාර්ගයක්.මෙයින් ඉඳිකටුපාන අසලට පිවිසිය හැකිය.





ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් නඩත්තු වන මෙම මළාපවාහන ඒකකය බත්තරමුල්ල ජයවඩනගම වැඩ භාර නිලධාරි කාර්යාලයේ අධීක්ෂණය යටතේ පවතිනවා.



ශ්‍රීපාද රක්ෂිතය වනපස මල් වලින් ඉතාම පොහොසත්.විවිධ ඕකිඩ් සහ වර්ණවත් මල් බොහෝ දක්නට පුළුවන්.




















වෙහෙස නොතකා මීදුම අතරින් ඉදිරියටම  






ජන ප්‍රවාදයේ සඳහන් ඇහැල කනුව ප්‍රදේශය.








 ගමනේ දුෂ්කරම කොටස වූ රජමාවතේ මහගිරිදඹය




නෂ්ට වූ දිරාගිය පැරණි දම්වැල් 






 අවාරයේ හුදකලා වූ උඩමළුව










අපේ අදහස වුයේ හැකි ඉක්මනින් උදැසන කෑම සකසා මරේවත්ත මාර්ගයෙන් පහලට බැසීමයි.නමුත් කාලගුණය අයහපත් වීම නිසාත් පළමුවර මාර්ගය සොයාගත යුතු නිසාත් ඒ අදහස අතහැර සුපුරුදු නල්ලතන්නි මාර්ගයේම පහලට ගමන් කිරීමට තීරණේ කළා.









විනාඩි කිහිපයකට වැටුණු හිරුඑළිය.




උදැසන ආහාරය ගැනීමෙන් අනතුරුව පහළට ගමන ආරම්භ කළා.





නල්ලතන්නි මාර්ගයේ මහගිරිදඹ කොටස නායයෑම.පසුව මෙය ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ සෙබළුන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.







එක සීරුවට පවතින වර්ෂාවත් සමග වෙහෙසත් නොතකා දිගටම පහළට කරුණා කිරීම හැර වෙනත් විකල්පයක් අපට තිබුනේ නෑ.



















ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ සෙබල පිරිස් වාරය වෙනුවෙන් පහසුකම් සැපයීමේ කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් දිගින් දිගටම සියලුම පඩිපෙල් හා ශාලා ආදිය ප්‍රතිසංස්කරණය කරමින් විශාල මෙහෙයක යෙදේ.ඔවුනට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුය.







අවාරයේ හැඩ වන යකා හැඩු ඇල්ල.









අවාරයේ සක්‍රිය දිය ඇලි සමුහය 





Comments

Popular Posts