බුලත්කොහුපිටිය දිය ඇලි සමුහය

 බුලත්කොහුපිටිය දිය ඇලි සමුහය 


2018.06.30


බුලත්කොහුපිටිය කෑගලු දිස්ත්‍රික්කයේ පාරිසරික මෙන්ම වැදගත් ජල පෝෂිත ප්‍රදේශ වලින් එකක්. මෙහි ඉතාම වියළි කාලවල පවා සක්‍රිය දියඇලි කිහිපයක්ම පවතිනවා.වර්ෂා සමයට සක්‍රිය වන කුඩා දිය ඇලිද විශාල සංඛ්‍යාවක් මෙහි දකින්නට පුළුවන්.


වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට ඇතුළු වී 3km පමණ යනවිටම ප්‍රධාන පාර අසලම කුඹුරු යාය අවසානයේ පළමු ඇල්ල දැක ගැනීමට හැකිය.


යක් ඇල්ල 




රිකිලි ඇල්ල


සැතපුම් කිහිපයක් ගිය පසු රිකිලි ඇල්ලත් ප්‍රධාන පාර ආසන්නයේ සිටම බලාගත හැකියි.වර්ෂා කාලයේදී නම් ඉතාම සක්‍රිය තත්වයේ විශාල දිය  ඇල්ලක් ලෙස මෙය දැක බලා ගත හැකියි.








බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විශාල වැවිලි ආර්ථික රටාවකට හසුවූ ප්‍රදේශයක් වන මේ ප්‍රදේශයේ තවමත් එම යුගයේ දැමු යකඩ පාලම් ගලින් කැප්පවූ පාරට යොදන ලද ගල් සහිත මාර්ග පද්ධති තවමත් දැක ගත හැකියි.ඒවා උඩම නැවතත් තාර දමා වසා දැමීම හැරෙන්නට අදටත් වෙනත් කිසිවක්ම කර නොමැති වීම කනගාටුවට කරුණක්.


බුලත්කොහුපිටිය පැලම්පිටිය මාර්ගයේ තවත් සැතපුම් කිහිපයක් පසු කර යාමේදී නළගන ඇල්ල හමුවේ.ප්‍රධාන පාරේ සිට 300m පමණ අතුරු පාරක ගිය පසු අසල ඇති කළුපහන කුඩා විදුලි බලාගාරය ආසන්නයේ මෙය පිහිටා තිබේ.







බලාගාරයට ජලය සපයන නල පද්ධතිය 




මීට බොහෝ කලකට පෙර මේ ස්ථානයේ කුඩා ජල විදුලි පද්ධතියක් හොඳින් ක්‍රියාත්මකව තිබු බව තවමත් දකින්නට ඇති අතර මෙහි ඉතිහාසය බොහෝ පැරණි නම් මෙය ඉදිරියටත් සංරක්ෂණය කිරීමට තරමේ වටිනාකමකින් යුක්තයි.






නළගන ඇල්ල.







වැසි කාල වලදී විටින් විට ජල පහර වැඩි විය හැකි බව දැක්වෙන ආරක්ෂක නිවේදනය.







නම් කල නොහැකි කුඩා දිය ඇලි කිහිපයක් ඈතින් දකින්නට පුළුවන්.














වංගු සහිත ප්‍රදේශයෙන් පෙනෙන තවත් නම් කල නොහැකි දිය ඇල්ලක්.බොහෝවිට කළුපහන ඇල්ල විය හැකිය.මෙහි බොහෝ දිය ඇලි ප්‍රමාණයක් ඇති නිසා ඇත්තෙන්ම සමහර ඇලි නියම නමින් හඳුනා ගත නොහැකිය.









 ප්‍රපාතාකාර බෑවුම් සහිත පැලම්පිටිය බුලත්කොහුපිටිය මාර්ගය


මේ දිය ඇල්ලත් විවිධ නම් වලින් හඳුන්වනවා.ගම්මුන් මෙය රුක්මල් ඇල්ල පහල කොටස ලෙස හඳුන්වන අතර රිටිගහ වහරක ඇල්ල ලෙසත් ඇතැම් තැන් වල සඳහන්ව තිබෙනවා.







රුක්මල් ඇල්ල





පැරණි අතහැර දැමු යකඩ පාලම්.




මේ කෑගලු අවසන් දිස්ත්‍රික් මායිම වන අතර  සබරගමු පළාතත් මධ්‍යම පළාතත් වෙන් වන දිස්ත්‍රික් මායිමද වනවා.මෙම ස්ථානයෙන් ඉහළට දේදුගල දෙසටත් අනිත් පසට පැලම්පිටිය දක්වාත් විහිදෙනවා.මේ මාර්ග දෙකෙන්ම දොළොස්බාගේ දෙසට යා හැකිය.












මග දෙපස කුඩා පරිමාණ ජල විදුලි ව්‍යපෘති.











දොළොස්බාගේ දෙසට 


















ඉතා ඉහල උන්ණතාශයක පිහිටි මේ ප්‍රපාතාකාර ස්ථානය ඉතාම සුන්දර ස්ථානයක්.













































කුරුඳුවත්ත ගම්පොල දෙසට 





Comments

Post a Comment

Popular Posts