සැලව රජමහා විහාරය. අරණායක


2019.05.19
 
 කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සිට 5km පමණ දුරින් රහල දෙසට වන්නට දිස්ත්‍රික්ක මායිමේ සුන්දර සැලව ග්‍රාමයේ පිහිටි මේ ලෙන් විහාරය සබරගමු පළාතේ පැරණිම ලෙන් විහාර අතරින් එකක් වන අතර මෙහි ඉතිහාසය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දක්වා දිවයයි.ග්‍රාමීය පරිසරයක පිහිටා ඇති මේ ලෙන් විහාරය දකුණු දෙසින් ප්‍රාග් ඓතිහාසික වැදගත්කමින් යුත් රහල පර්වතයත්,නැගෙනහිරින් හා උතුරින් දෙසින් කරගල පර්වත කඳුවටිවලිනුත්,බටහිරින් මහඔය ගලා බසිනා මහා වෙල් යායෙනුත් වටව අතිශය සුන්දර පරිසරයකින් වටව පවතී.



පහතරට හෙල්මළු ක්‍රමයට වගාකරන කුඹුරු මෙහිදී දැකගත හැකිය.











මෙම ගල්ලෙන අඩි 118 පමණ දිග වන අතර අඩි 25 පමණ පළලකින් යුක්ත වන අතර ලෙනේ පිහිටීම අනුව මෙහි දිග පළල අඩු වැඩි වේ.මහනුවර යුගයට අයත් මොරතොට හිමි විසින් මෙය කරවූ බව කියවෙන අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙහි වැඩ අවසන් කරන ලද බව කියැවේ.තවද මෙහි වැදගත්කම වනුයේ මෙය ශ්‍රි ලංකාවේ අවසාන රජමහා විහාරස්ථානය වීමයි.






 මහනුවර යුගයට ආවේනික නෙළුම්මල,මකරතොරන,ලියපත්,පලාපෙති මෙන්ම  බුදුපිළිම හා සත් සතියේ බුදුරූ ආදිය ඉතාම සියුම්ව චිත්‍රණය කර ඇති ආකාරය දැකගත හැකිය.






මෙහි සමහර චිත්‍ර සංරක්ෂණය කල යුතු මට්ටමක පවතින අතර එච්.සී.පී. බෙල්ගේ 1892 කෑගලු දිස්ත්‍රික් පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් ආකාරය අනුව මෙහි පැරණි චිත්‍ර සහ ප්‍රතිමා ඒවායේ පැරණි ස්වරූපය දැන් විනාශ වී ඇති බව පෙනේ.



කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මොරතොට හිමියන් අනුනායක පදවියට පත්ව රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර රාජගුරු තත්වයට පත්ව සැලව විහාරය ගොඩනැගීම ආරම්භ කර ඇත. පසුව රාජාධි රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයේත් අනුග්‍රහය ඇතිව බුදුපිළිම වලට නේත්‍රා තබා විහාරස්ථානයේ පැවැත්ම සඳහා ඉඩකඩම් පුජා කර මෙහි වැඩ නිම කරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බවත් ඉතිහාසයේ සඳහන්.







ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැලව විහාරයේ වැඩ අවසන්ව එය මොරතොට හිමියන්ට පිදු වග දැක්වෙන සෙල්ලිපිය.












තුන්වැනි ලෙන ගබඩාවක් වශයෙන් බෙල්ගේ වාර්තාවේ සඳහන් කර තිබුණද දැන් එය විහාරයක් බවට පත්කර ඇති ආකාරය දැකිය හැක.අනෙක් ලෙන්වලට වඩා මදක් ඉහළින් පිහිටා ඇති මෙම ලෙන්හි එහි උළුවස්සේ 1891 යන්න සඳහන් කර ඇති අතර උළුවස්ස පිටත බිත්තියේ දොරටුපාල රුවක පැරණි බිතුසිතුවම් කොටසක් මතුවී ඇති ආකාරයත් ගෘහ නිර්මාණ ශෛලය අනුව ලන්දේසි ආභාෂයත් ලැබී ඇති බව පෙනේ.


















පැරණි බෝධීන් වහන්සේ.








Comments

  1. ඔබේ පැහැදිලිව කරුණු දැක්වීමේ ක්‍රමය අගයමි.ස්තූතියි .

    ReplyDelete

Post a Comment

Popular Posts