ශ්‍රී පාද මහ වනමැද


 2018.12.01
ශ්‍රී පාද මහ වනමැද


අපේ සුපුරුදු ශ්‍රීපාද ආරණ්‍ය පින්කමට මේ පාරත් සහෝදර මිතුරු කැල එකතු උනා.වැසි බර කාලගුණ තත්වය ටිකක් තිබුනත් මග හැරලා අපි එරත්න බලා පිටත් වුනා. 



අතරමගදී කුරු ගඟෙන් නෑම අනිවාර්ය අංගයක්.මේ වතුර ටික ගැන නම් කතා කරන්න වචන නෑ.







අපේ සුපුරුදු මග නැවතුම,අතරමග හමුවන සුන්දර ඇල්ල.








 අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් විමලසිරි මාමා මග බලන් .








රෑ බෝ වීමට කලින් කුටිවලට ඉක්මන් ගමනින් යා යුතු වුනත් පසුදා දානයට ස්වාමින්වහන්සේලාට ආරාධනා කල යුතුව තිබුනා.රෑ වෙන්න කලින් විමලසිරි මාමගේත් උදවු ඇතිව ඒ කුටි ඇති තැන් වෙත ගමන් කිරීමත් දුෂ්කර කාර්යයක් වුනා.හේතුව අපි ඒ වන විටත් බඩු ඔසවන් පැමිණි නිසා සෑහෙන වෙහෙකට පත් වී තිබීමයි.


තව තවත් කැලෑවේ ඉහලටම දුෂ්කර මාර්ගයක යා යුතුව තිබුණු නිසා ඒ ගමන ඊටත් වඩා දුෂ්කර කාර්යක් උනා.





ඉතා ඉහල කඳු මුදුනක පිහිටා ඇති මේ සුන්දර වුත් ශාන්ත වුත් හුදකලා කුටිය මා දුටු ලස්සනම කුටියයි.ගමන අපහසු වුනත් හාත්පස දකිද්දී ඒ මහන්සියත් අමතක වෙන තරම්.





මෙහි වැඩ සිටින ස්වාමින්වහන්සේ කිසිදු දානයක් සඳහා නොවඩින බවත් වසර ගණනාවකින් කිසිදු දානයක් සදහා වැඩම කර නැති බවත් දැනගන්නට ලැබුනා.එනිසා අපි උන්වහන්සේට කරදරයක් නොවන්නේ නම් පමණක් වැඩම කර දෙන ලෙස දන්වා සිටි නිසා උන්වන්සේ ඊට කැමැත්ත පල කළා.



ඈතින් පෙනෙන වර්ණගල ඇල්ල.


ගමනේ වෙහෙස නිසාම බඩු ගෙන යාමත් ඉතාම වෙහෙසකර කාර්යක් උනා.







උදෑසන අපි කුටිය අවට පිරිසිදු කර ඉක්මනින්ම දානය සකස් කිරීම සදහා දානය දෙන කුටිය වෙත ගමන් කල යුතු නිසා ඉක්මනින් සුදානම් උනා.




ශ්‍රීපාද රක්ෂිතය උදෑසන හිරු එලිය වැටෙන තුරු පාන්දර පවතින්නේ දැඩි ශීතලක් සහිත තත්වයක්.වතුර අයිස් හා සමානයි.



අපේ ස්වාමින්වහන්සේ පරිහරණයට ගන්නා කුටිය පිටුපසින් ගලන ජල පහර.







උන්වහන්සේගේ අට පිරිකර එහිදී පිටත් වීමට කලින් පුජා කළා. 







පහල දාන ශාලාව සහිත කුටිය කරා.
















කාල වෙලාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් හැමෝම දානය සකස් කළා.









දහවල් බුද්ධ පුජාව තබමින් 



අපගේ ආරාධනය පිළිගෙන වැඩම කල ස්වාමින්වහන්සේලා දාන කුටිය ඉදිරිපස සුදානමින්. 





















අපේ දානය අවස්ථාවට බුදු පිළිමයක් පුජා කිරීම සදහා ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ මහත්මියකුත් අහම්බෙන් සහභාගී උනා.










 







විමලසිරි මාමාගේ නිවසට සමුදෙමින් 






එද්දී ආයෙමත් පාරක් නාගන්න අමතක කලේ නෑ.





පරකඩුව මුණසිංහ අය්යාගේ හෝටලය ළඟ. (අපගේ අනුරාධ සහෝදරයා වෙනුවෙන් පල කරන ලදී 😄😅)

Comments

Popular Posts