කොත්මලේ


2018.10.28
කොත්මලේ


තලවකැලේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නවාතැන් සංකීර්ණයක රාත්‍රිය ගත කර පසුදා කොත්මලේ බලා පිටත් උනා.






ඉහල කොත්මලේ වේල්ල පිටුපසින් මාර්ගය දිගේ 
කොත්මලේ බලා.


















ලංකාවේ ඉහල කඳුකර ජල පෝෂක ප්‍රදේශ 
මේ ආකාරයෙන් වගාවන් සඳහා යොදා ගැනීම විශාල අපරාධයක්.මෙහි පලවිපාක නුදුරේදීම අත්විඳීමට සිදුවනු ඇති.






සානු ප්‍රදේශයෙන් කොත්මලේ නිම්නය වෙතට ඇති වංගු සහිත පටු මාර්ගය.















සුන්දර මල්ලහැව ගම්මානය.
කොත්මලේ පිහිටි සුන්දර ගම්මානයක්.දළදා වහන්සේ කොත්මලේට වැඩම කරවූ අවස්ථාවේ මේ කුඹුරු යායේ අස්වද්දමින් සිටි ගොවියන් මතට අහසින් පිනි මල් වැස්සක් ඇද හැලුන බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.ගොවියන් මල් හෑව නිසා මෙය මල් හෑව පසුව මල්ලහැව බවට පත් වූ බව සඳහන්.









ඈතින් පෙනෙන රම්බොඩ දිය ඇල්ල.





කොත්මලේ නිම්නය කරා..


ඈතින් පෙනෙන කොත්මලේ ජලාශය.



ඓතිහාසික කොත්මලේ රණමුනේ වෙල්යාය.
සිංහලේ ප්‍රකටම රජු වන දුටුගැමුණු මහරජතුමන්ගේ ළමා කාලය ගෙවුනේ මේ ඓතිහාසික කොත්මලේ භුමියේ බව ඉතිහාසයේ සඳහන්.



කොත්මලේ ප්‍රදේශය තරම් ඓතිහාසික ජනකතා හා සබැදුනු වෙනත් බිම්කඩක් මේ ලංකාවේ තිබේ දැයි සැක සහිතයි. ඒ තරම්ම ජන කතා ජන සෘති වලින් පිරීගිය මේ ඓතිහාසික බිම පසුකාලීනව මහවැලි ව්‍යාපාරය නිසා බොහෝ සෙයින් යටපත් වී ගියා.



ගැමුණු කුමරුන් තනිවම අස්වැද්දු බව කියන රණමුනේ වෙල්යාය.



මෙය මා දුටු ඉතාම සුන්දර දර්ශනයක්.





අම්බලම සහිත රන්මුනේ පිහිල්ල.


මේ වෙල්යාය ඉතාම පෑවිලි කාල කාල වලදී පවා ජලයෙන් ඉතාම පොහොසත්.







කිසිදා නොසිදෙන මේ උල්පත සහිත පිහිල්ලෙන් ගම්මුන් ගොවිතැන් කටයුතු ඇතුළු සිය අවශ්‍යතා සපුරා ගන්නවා.







කොත්මලේ හා බැඳුනු තවත් ඓතිහාසික ස්ථානයක්.දෙහදු කඩුල්ල.







මේ වන විට මේ  ස්ථානය සංරක්ෂණය කර තිබෙනවා.
ගැමුණු කුමාරයා කොත්මලේට ඇතුළු වන විට රාජ්භරණ ගලවා සාමන්‍ය ගැමියෙකු ලෙස සැරසුණු බවත් පසුව ඔහු මේ දෙහදු කඩුල්ලෙන් ඇතුළු වී ඔහු අත තිබු රාජකීය කඩුව මේ අසල තිබු විශාල නුග රුකක සැගවූ බවත් පසුව ඒ වෘක්ෂය දෙකඩ වූ බවත් ඉතිහාසයේ සඳහන්.දෙකඩ වූ වෘක්ෂය ඇති තැන කඩුල්ල පසුව දෙහදු කඩුල්ල වූ බවත් ඉතිහාස ජනකතා වල සඳහන්.



ගැමුණු කුමාරයා නිතර ඇසුරු කල පුසුල්පිටිය රාජමහා විහාරයද පිහිටන්නේ මේ අසලමයි.ගමනේ කාල වෙලාව මදි වූ නිසා පුසුල්පිටිය රජමහා විහාරයට යෑමේ අදහස වෙනත් දවසකට තීරණේ කළා.








මහවැලි ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ගාමිණි දිසානායක මහතා ආරම්භ කල මහවැලි මහා සෑය දැනට වසර විස්සක පමණ කාලයක සිට ඉදිකෙමින් පවතිනවා .නියම්ගම්දොර ප්‍රදේශයේ ජලාශයට ඉහලින් කඳු ගැටයක් මත මෙය තාමත් ඉතා සෙමින් ඉදිකිරීම් කටයුතු කෙරෙමින් තිබෙන අතර ඉතා විශාල වැඩ කොටසක් තාමත් සිදු කිරීමට නියමිතයි.


















කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය.
මහවැලි ව්‍යාපාරයේ පළමු ජලාශය.















Comments

Popular Posts