අලගල්ල

2018.06.27
අලගල්ල 




කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල පසු කරගෙන යාමේදී වම්පසින් ඈතින් රඹුක්කන දෙසට පෙනෙන දැවැන්ත කඳුවැටිය බොහෝදෙනෙකුට මතක ඇති.ඓතිහාසික බලන කපොල්ල පිහිටි රේල්ලුවද කන්ද උඩරටට ඇතුළුවන ඒ ස්ථානය පිහිටි මෙම කඳුවැටිය ඉතාම දර්ශනියම මෙන්ම සොබාදහමේ අති දැවැන්ත ග්‍රැනයිට් නිර්මාණයක්.







ස්වභාවික ඛනිජ ෆෙල්ඩ්ස්පාර් .ක්වාට්ස්

























පෞද්ගලික වතු අවසානයත් එක්කම රක්ෂිතය ආරම්භ වෙනවා. 



මෙම කලාපය පුජා භූමියක් ලෙසිනුයි සඳහන්ව ඇත්තේ.
















































ඉහලින් ඇද හැලෙන දිය සීරා.





ගමනේ දුෂ්කරම කොටස ආරම්භ වන්නේ මෙහිදී.අවධානම් බෑවුම් කිහිපයක් හරහා යා යුතු වෙනවා.





නිශ්චිත ගමන් මාර්ගය ඉහල අවදානමක පවතින්නේ.








මේ ප්‍රදේශයේදී ඇත්තෙන්ම මාර්ගය සොයා ගැනීමට අපහසු තත්වයක් ඇති වෙනවා.හේතුව එක වගේ මාර්ග දෙකක් තිබෙන නිසා.අනුමානයට දකුණු පස අඩි පාර දිගේ යන්නට තීරණේ කළා.



මේ වෙද්දී නම් ගමනේ දුෂ්කරතාවය ගැන වචනයක් සඳහන් කල යුතුමයි.අපි කොයි තරම් කඳු නැග තිබුනත් මේ තරම් දුෂ්කර කඳු පර්වතයක් නම් නැග නැති බව කිවමනාය.දහවල් 2 පසු වනතුරුත් අපට මුදුනක් කරා ළඟාවීමටවත් නොහැකි උනේ ඇයි දැයි නොතේරුණත් මේ තරම් දුෂ්කර බවක් දැනෙන්නේ ඇයිද යන්න සියල්ලන්ටම ගැටලුවක් වී තිබුණි.




අපේ කස්ටියම කිහිප වරක්ම ශ්‍රී පාදය ඇතුළු වෙනත් කඳු ගමන් බිමන් ගිහින් තිබුණු පිරිසක් උනත් මේ තරම් දුෂ්කර ගමනක් පැමිණ නැති බව හැමෝගෙම අදහස උනා.මුදුන ළග බව පෙනුනත් තවත් දුර කෙළවරක් දකින්න නොමැති නිසා ආපහු හැරී යන්නත් අන්තිමේදී අදහස් උනා.





ටික වෙලාවකින් තවත් පිරිසක් අපි පහු කරන් ගිය නිසා අන්තිමට මේ තරම් දුර ආව නිසා මුදුනට යා යුතු කියන තීරනෙට ආවා.

























බොහෝ දුෂ්කරතා ගෙවා ගෙන අන්තිමට අපි ගල මුදුනට ළගා උනා.අපි ගත් තීරණේ නිවැරදි බව තේරුනේ අවට හාත්පස බලද්දී.





ඉතාම ඉහල උන්නතාශයක්. වලාකුළු අපේ හිස් මට්ටමට ඉහලින් තිබුනා.





මේ චායාරූප වඩාත් පැහැදිලි නැත්තේ කැමරාවේ අඩුවක් නිසා නෙවි.අවට මීදුම ජල වාෂ්ප ගතිය වැඩි නිසා.





මේ තරම් දහවල් කාලයේ උනත් වලාකුළු නිසා මාවනැල්ල ප්‍රදේශය හරහා යද්දී මේ කන්ද මුදුන වලාකුළු සහිතව අපැහැදිලිවයි දකින්න ලැබෙන්නේ.වැසිබර සහිත දින වලට නම් කොහෙත්ම මෙහි මුදුන දැක ගන්නට ලැබෙන්නේ නැහැ. 


















නව බුදු මැදුර .




















































සවස 3 පසු නැවත කළු වලාකුළු මේ ප්‍රදේශය ආක්‍රමණය කරනවා.









අලගල්ල බසිමින්.යම් විදිහකින් වර්ෂාවකට හසු උනොත් මුහුණ දෙන්න වෙන තත්වය හිත ගන්නටවත් බැරි තරම්.










උඩරට දුම්රිය මාර්ගය.මීළගට හමු වන්නේ ප්‍රකට ඉහළ කෝට්ටේ දුම්රිය ඉස්ථානයයි.





අලගල්ල යෝධයා බැද්දේවෙලට දිස්වෙන ආකාරය.





Comments

Popular Posts