ශ්‍රී පාද පිංකම


2016.12.16

මගේ ශ්‍රීපාද පින්කමට බොහොම හොඳ ප්‍රතිචාර ගොඩක් අයගෙන් ලැබුනා.ඒ නිසා අපි බොහෝ පිරිසක් එක්ක තවත් වැඩි යමක් කරන්න හිතුවා. ඒ අනුව පහුගිය 16 දා අපි නැවත ශ්‍රීපාද කැලේ යන්න තීරණේ කළා.මේ පාර අපේ චතුර සහෝදරයාගේ මුලිකත්වයෙන් ගොඩක් හොඳට සංවිධානේ වෙලා බොහෝ දේවල් රැස් කරගන්න පුළුවන් උනා.ඒ වගේම ගමනටත් පිරිසක් එකතු උනා.ආරණ්‍ය ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය කරන කලමනා බොහෝ දේත් අරන් අපි 16 උදෑසන එරත්න අඩවිකන්ද හරහා ශ්‍රීපාද රක්ෂිතේ බලා පිටත් උනා.අපේ කාර් එක මග කැඩුණු නිසා විමලසිරි මාමගේ ගෙදරට අඩවිකන්ද පහල ඉඳන්ම පයින්ම යන්න සිදු උනා.









ගමනට බොහෝ වෙලා ගිය නිසා අපි අඩවිකන්දට ඇතුළු වෙද්දී දහවල් 11.30ත් පහු වෙලා තිබුනා.
.






අපේ මග පෙන්වන්නා විමලසිරි මාමා.
















ඈතින් පෙනෙන ශ්‍රීපාද මාර්ගය.






















වෙනදාටත් වඩා අපට වෙහෙස දැනෙමින් තිබුනා.


























අපේ ස්වාමින්වහන්සේගේ කුටියට පිවිසෙන මාර්ගය එතරම් ලේසි පහසු මාර්ගයක් නොවේ.ගස් ගල් මුල් වැල් වල එල්ලෙමින් ඉතා දුෂ්කර මාර්ගයක යා යුතු වෙනවා.





උන්වහන්සේගේ සරල කුටිය.එහෙත් එය දහම් අසපුවක්.


ඉතාම කටුක වුත් අපහසු ජීවන රටාවක් ගෙවන උන්වහන්සේ ගෙවන නිරාමිස ජීවිතය ගැන අපට හිතා ගන්නවත් බැරි තරම්.








අපට බන අහන්නට පිළියෙළ කල උන්වහන්සේ බිම ඉඳගන්නට අපට දුන්නේ උන්වහන්සේ සැතපෙන පැදුරු කඩමල්ල බව නම් කිව යුතුම දෙයක්.අපට කර කියාගන්නවත් දෙයක් නැති උනා.



සක්මන් මලුව.













කොතරම් වෙහෙස උනත් අනිත් ස්වාමින්වහන්සේලා මුණ ගැසෙන්නටත් අපිත් සමගම උන්වහන්සේත් වැඩියා.



ජීවිතේ පළමු වතාවට භාවනා යෝගී ස්වාමින්වහන්සේලාගේ කුටියක ඇතුලත මොන වගේද කියලා අපට දැකගන්න ලැබුනා.


අවශ්‍ය මුලිකම දේවල් ඇරෙන්න වෙනත් කිසිවක් නැහැ.













වෙලා මදි නිසා අපට යන්න ලැබුනේ තවත් කුටි තුනකට විතරයි.




















කැලෙන් එලියට එද්දී සවස 6 පසු වී තිබුනා.
 





ඊළඟ අපේ ප්‍රධාන කාරනේ උනේ කොහෙන් හරි හොඳට නා ගන්න එකයි.කොයි තරම් සීතල උනත් එරත්න හන්දියේම තියෙන සීත ගඟුලෙන් නාන්නම උනා.ආක්ටික් පරාදයි.




ගඟ හරස් කර විදුලි බලාගාර ක්‍රියා කරවන්න ජලය ගෙනියන නිසා පහලට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ.දැරණියගලදීත් අපි දැක්කේ මේ වගේ සෝචනීය තත්වයක්.



























Comments

  1. AYETH GIHIN DAWASAK INDALA ENNA HITENAWA........... :)

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Popular Posts