එරත්න-අඩවිකන්ද ශ්‍රී පාද රක්ෂිතය.

2016.11.12
 එරත්න-අඩවිකන්ද ශ්‍රී පාද රක්ෂිතය.

මේ අවුරුද්දේ අවාරේ එරත්න පාරේ ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය වෙලේ හිතට ආපු පුණ්‍යවන්ත සිතුවිල්ලක් ඒ විදිහටම ඉෂ්ට කර ගන්න භාග්‍ය මට ලැබුනා.ඒ ශ්‍රී පාද රක්ෂිතේ මහා කැලේ වැඩ වාසය කරන භාවනා යෝගී ස්වාමින් වහන්සේ නමකට මේ කටින සමය අවසන් වීමට ප්‍රථම සිවුරක් පුජා කරන්න ඕන කියන සිතුවිල්ලත් එක්ක.ගිය වාරයේ අපිට මුණ ගැහුන ඒ පින්වත් ස්වාමින්වහන්සේ හොයාගෙන මහා පාන්දරම අපි ශ්‍රී පාද රක්ෂිතේ බලා පිටත් උනා.මාත් එක්ක ඒ පින්කමට දායක වෙන්න ගිය රන්ජන් අයියටත් ඒ පින හිමි වෙන්න ඕන.මොකද එයා නොහිටින්න මේ ගමන කල්යන්න තිබුනා.100km ට ආසන්න දුරක් බයිසිකලය පැදගෙන යන්න එයා ඉදිරිපත් උනා.අඩවි කන්ද ශ්‍රී පාද රක්ෂිතයට ගිය ඒ ගමන සුන්දර අත්දැකීමක්.

  


හිමිදිරි පාන්දර මීදුම අතරින් එරත්න බලා...


දැරණියගල පාරෙන් දකුණට ඇති අඩවිකන්ද පිවිසුම




මීදුමින් වැසුණු ශ්‍රී පාද රක්ෂිත කඳුවැටිය .

















මේ ගමනේ අපිට බොහෝ සෙයින් උදවු පදවු කල කුරුවිට කඩමණ්ඩියේ ශාන්ත අයියාවත් මතක් කරන්න ඕන.කුටි වලට යන පාර සොයා ගන්නත් ගමේ උදවු ලබාගන්නත් කල උපකාර වලට බොහොමත්ම පින්.


ශාන්ත අයියාගේ දෝනි.(සෙල්ෆි අමතක නොකර ගත්තා.)









ස්වාමින්වහන්සේ පිණ්ඩපාතේ වඩින පාර යැයි ශාන්ත අයියා පෙන්වූ පාර දිගේ කැලය දක්වා ඉදිරියට..







උදෑසන අලුත් හිරු රැස් දහරේ මහා වන පතිතය.








ආරණ්‍යවාසී අති පුජනීය අනුරාධපුරයේ ධම්මසාර අප ස්වාමින්වහන්සේ.



හුදකලා වන සෙනසුනක ජීවිතයේ නිරාමිස සුවය විඳින උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.




අතරමග හමුවන දිය දහරා..








බේදුරු ශාකය.



























කුරුවිට එරත්න මාර්ගයේ ශ්‍රී පාද වන්දනා කරුවන් ගමන් ආරම්භ කරන ස්ථානය.මෙතැන් සිට ශ්‍රීපාද මාර්ගයේ වර්ණගල ආඳියමල තැන්න හරහා උඩ මළුවට ඇති මුළු දුර ප්‍රමාණය 16km ට ආසන්නයි.












සුප්‍රසිද්ධ කුරු ගඟ..
















බුදුන් වහන්සේ දිවා විහරණය සඳහා වැඩම කල ස්ථානය බවට හඳුනාගෙන ඇති දිවා ගුහාවත් මේ ආසන්නයේම පිහිටා තියෙනවා..





කුරු ගඟ.









 බටතොට ලෙන් රාජ මහා විහාරය..




























 
කුරු ගඟහිම විශාල ජල දහරාව පටු දොරුවකින් කඩා හැලෙමින් සුන්දර බෝපත් ඇල්ල නිර්මාණය කරනවා.



















දීර්ඝ ගමනේ මහන්සිය නිමා කරමින්.







Comments

Post a Comment

Popular Posts