එරත්න හරහා අවාරේ සිරිපා.

2016.09.16

අවාරේ සිරිපා.


 කුරුවිට එරත්න මාර්ගයේ අවාරේ සිරිපා යාමට සුදානම් වූ අපි සියලුම දෙනා උදෑසන අවිස්සාවේල්ලෙන් පිටත් උනා.



කුරුවිට බස් නැවතුම්පල. 
විනාඩි විස්සෙන් විස්සට පමණ අඩවිකන්ද දක්වා පිටත්වන බසයක් කුරුවිට බස්නැවතුම්පලින් පිටත් වන අතර අඩවිකන්ද දක්වා විනාඩි 40ක පමණ කාලයක් ගතවනවා.





 අඩවිකන්ද බසය නවත්වන අන්තිම ස්ථානය.






 නඩය පිටත්වීම. 




මේ ස්වාමීන්වහන්සේ මහ කැලයෙන් පිණ්ඩපාතේ වැඩිය ස්වාමීන්වහන්සේ නමක් .අපිත් උන්වහන්සේට දානේ පුජා කලා
.





අපි සමන් දෙවියන්ට පහනක් දල්වා අවසර ගන්න අතරේ උන්වහන්සේට ලැබුණු පිණ්ඩපාතෙන් උදෑසන  බුද්ධ පූජාව තියනකම් අපිත් උන්වහන්සේ එක්කම රැඳුනා.





උන්වහන්සේ සමග දොඩමලු වෙන්න ලොකු ආසාවක් තිබුන නිසා ඔබ වහන්සේ උඩහට වඩිනවා දැයි විතරයි මට අහන්න ලැබුනේ.එහෙමයි කියූ උන්වහන්සේ මුහුණවත් නොබලා වඩින්න ආරම්භ කළා.කිසිම කතා බහක් නැතිවම උන්වහන්සේත් අපිත් සමගම ගමනට එක් උනත් බාධාවක් වේ යැයි සිතුන නිසා අපේ නඩේ හැමෝම  නිහඬවම ගමන් කළා..




ටික දුරක් අපිත් සමග ගමන් කල උන්වහන්සේ අපි අතරින් මිදුනා.ඇත්තටම කිසිම පාරක් තොටක් නොදුටු අපි උන්වහන්සේ කොහේ ගියා දැයි දැනටත් අපගේ මතකයේ නැහැ. 
ලෞකික සැප සම්පත් අතහැර නිරාමිස ජීවිතයක අරුත සොයන උන්වහන්සේ වැනි හිමි නමක් දකින්නට ලැබීමත් වාසනාවක්.බොහෝ විට උන්වහන්සේ කිසියම් මාර්ග ඵලයක් ලැබූ හිමිනමක් බව මගේ පෞද්ගලික විස්වාසයයි.













ගමනේ මුල් පැය දෙක තුනම දිගින් දිගටම කන්ද නැග්මක් මිස තැන්නක් නොමැති නිසා සියල්ලන්ම බොහෝ වෙහෙසට පත්වුනා 









පෙනෙන තෙක් මානයේම ඝන කැලෑව සහිත ශ්‍රී පාද රක්ෂිතය.





  ජල දුර්ග ගිරි දුර්ග මැදින් වැටුනු ගමන් මාර්ගය














පළමු අම්බලම.ජම්බෝල ගහයට අම්බලම




















ගමන් මාර්ගය වැටි ඇත්තේ ජලපහර මතින්




මදක් වෙහෙස නිවුණේ තැන්න සහිත ප්‍රදේශයක් හමුවීමෙන් 
 



කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති



















අපිට හමු වූ මේ පුද්ගලයා ගැන විශේෂයෙන් යමක් සඳහන් කරන්නම ඕන.මේ වයෝවෘද්ධ කෙනක් උනත් හිතේ තියෙන ශක්තිය බොහොමයි.කතරගම ප්‍රදේශයෙන් පැමිණ මාස දෙක තුනක් තිස්සෙම හිමින් මේ කැලෑ පාර දිගේ ශ්‍රී පාදය වන්දනා කරන්න පැමිණි අයෙක්.කිසිදු මනුෂ්‍ය පුළුටක් නැතිව හුදකලාව සමග රාත්‍රීන් ගත කරමින් තමන්ගේ වන්දනා ගමන යන පුදුමාකාර මනුස්සයෙක්.





එරත්න පැත්තට ඉර එලිය වැටෙන නමුත් හිමෙට මීදුමත් සමග අඳුරු කාලගුණ තත්වයක් පැහැදිලිවම දක්නට පුළුවන්.





කුඩා විහාරස්ථානයක් සෑදීමට පැමිණ සිටි පිරිසක් .මදක් වෙහෙස නිවා ගැනීමට ඔවුන් උපකාර කළා.





















වෙහෙසේ හොඳම එක.






මේ තැන්න ප්‍රදේශය පක්ෂි විශේෂ විශාල ප්‍රමාණයක් දැකිය හැකියි. 






මේ තැන්න ප්‍රදේශය 2km පමණ දුරකින් යුක්ත වීම විශාල සහනයක්







සීත ගඟුල.ජලපහරේ ප්‍රමාණය වැඩි වුවොත් එගොඩ වීම අපහසුයි.







පහලට කරුණා කරන පිරිසක්.




 ග්ලාස් පෑඩ්යක් වන් පිරිසිදු ජල තලය 














යෝධ සලබයෙක්..








ශ්‍රීපාද ගමනේ දුරම මාර්ගය මෙය හා පඩි ආදිය නොබැඳ ක්‍රමවත් මාර්ගයක් නොමැති නිසාද නවෙහෙසකර බව ඉතාම ඉහලයි.සියල්ලන්ම වෙහෙසට පත්වී.

 


























කඳුකර අලින්ගේ සාක්ෂි.





මේ බට පඳුරු ප්‍රදේශය මුළුමනින්ම වගේ තලා අඹරා තිබු අතර පෙරදා රාත්‍රියේ කිහිප දෙනෙකු පැමිණ ඇති බව වටහා ගැනීමට පුළුවන්.










වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙහෙස 
 










ආඬියාමල තැන්න ලෙස පැරැන්නන් හඳුන්වන තැන්න ප්‍රදේශය.







ගමන් වෙහෙසේ තරම කියන්න වචන නැති තරමට මහන්සිය.








ඇඳිරි වැටෙද්දී මීදුම පැතිරීම ආරම්භය ,වේලාව සවස 6 ට ආසන්නව.




















ගරා වැටුණු අම්බලමක නටඹුන්.හාත්පස මීදුම.












රත්නපුර පාර සහ කුරුවිට එරත්න පාර දෙකම එකට හමුවන තැන හැරමිටිපාන.
ගමනේ දුෂ්කර කොටසක් මෙයින් අවසන් වෙනවා.පඩි පෙළ දිගේ ඉහලට කරුණා කරන්න නියමිත.හැරමිටිපාන දක්වා ආ දුර ප්‍රමාණය 15km ට ආසන්නයි.
 




මෙතන පටන් මාර්ගය එතරම් දුෂ්කර නැහැ.සවස 7 ට ආසන්නයි.නමුත් පරිසරය පෙනෙන තරමට ආලෝකය ප්‍රමාණවත්.
 







ඉපැරණි ගල් වංගෙඩිය.පෙර රජ දවස පටන් මෙහි නවාතැන්ගත් වන්දනාකරුවන්ගේ ආහාර සකසා ගැනීමට තබා තිබෙනවා.










මීදුම නිසා මුලු පරිසරයම ගුප්ත බවක් වෙලී ගොසින්













ටෝච් එළියෙන් උඩමළුවට ළඟාවෙද්දී රාත්‍රී 8.30 පමණ වුනා.එහෙම දිගටම නොගියානම් කුණාටු සහිත හුළගත් එක්ක මග නැවතීමෙන් සිද්ධ වෙන දේ හිතාගන්නවත් බැරි තරම්.එත් සමගම වර්ෂාව ආරම්භ උනා.ගෙවා ආ මුලු දුර ප්‍රමාණය 17kmට ආසන්නයි.




පෝය දවසක් වීම නිසා උඩ මළුවට බොහෝ පිරිස් පැමිණ තිබුනා.එනිසා අපට කුස්සිය කොටසේ නවාතැන් ගැනීමට සිදුවුනා.









පෙර පැමිණි වාරවල මෙන්ම විශාල විදේශිකයින් පිරිසක් පැමිණ තිබුන නමුත් මෙදා උදෑසන කාලගුණය නම් ඉතා අයහපත් තත්වයක තිබුනා.







අපි පිළියෙළ කල උදැසන බුද්ධ පුජාව.

















කාලගුණ තත්වය සුළඟත් සමග තවත් නරක අතට හැරුනා.වර්ෂාවත් නැවත ආරම්භ උනා.







සෑහෙන පරිශ්‍රමයකින් අනතුරුව බුද්ධ පුජාව තබා ගැනීමට හැකි උනා.











බ්‍රසීල ජාතික යුවලකුත් අපේ ආගමික වතාවත් සදහා එක් උනා.




















වැස්ස අඩු නොවූ නිසා අපි වැස්සේම පහලට කරුණා කිරීමට තීරණේ කළා.




මෑතක සිට බොහෝ දේශීය සංචාරක පිරිස්ද අවාරේ සිරිපා කරුණා කරනවා.




















සුපුරුදු නවාතැන.ඉඳිකටුපාන පොලිස් මුරපල










































නල්ලතන්නියේ සුපුරුදු දිය ඇලි සමුහය..




මකර තොරණ.







නල්ලතන්නිය සිට උඩ මළුවට දුර 6km ක්. ඒ අනුව එරත්නේ සිට ගමනේ අවසානය දක්වා ගෙවා ආ මුළු දුර ප්‍රමාණය 23km ට ආසන්නයි..
ඇවිද්ද පය දහස් වටි කියන්නේ මේවාටයි.










මේ චායාරූපය අපේ චතුර සහෝදරයා වෙනුවෙන්..









තවත් අවාරේ ශ්‍රී පාද ගමනක් නිමා කල වගයි...

Comments