දෙවනගල රජමහා විහාරය ,රුවන්දෙනිය හෙම්මාතගම

2016.06.19

දෙවනගල රජමහා විහාරය ,රුවන්දෙනිය හෙම්මාතගම



මාවනැල්ල හෙම්මාතගම පාරේ රුවන්දෙනිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල රජ මහ විහාරය තනි කළුගලින් පමණක් අක්කර 72ක් පුරා විහිදෙන අතර අලුත්නුවර දෙවියන් දෙවෙනි වර වැඩසිටි ගල දෙවනගල නම් වූ අතර බතලේගලට දෙවැනි වූ නිසාද දෙවනගල යනුවෙන්ද නම් පටබැඳුණ බව කියැවේ.උසින් අඩි 900 ක් පමණ වන දෙවනගල කඩුගන්නාව කපොල්ලේ සිට පැහැදිලිව දැකගත හැකියි.











ඈතින් පෙනෙන අලගල්ල කඳුවැටිය 















ඈතින් පෙනෙන සාමසර නායයාම









හන හා විශාල තෘණ විශේෂයක් මෙම අක්කර 72ක ගල් තලාව මත සෑමතැනකම දක්නට පුළුවන්.




යෝධ හන පඳුරු 



හන මල්







මහනුවර යුගයේදී 1 වැනි විමලධර්මසුරිය රජු කරවූ ටැම්පිට විහාරයක් මෙහි දක්නට ඇත.මෙහි ප්‍රතිමා ගෘහය පොළොන්නරු සමයේදී මහා පරාක්‍රමබාහු රජු විසින් සකසා ඇත.



දළදා වහන්සේ තැන්පත් කර තිබු පූජනීය පාෂාණමය කොටස




මහනුවර සමයේ කෙරුණු ප්‍රතිමා ගෘහයේ වටිනා මකර තොරණ බුදුපිළිම හා චිත්‍ර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන අතර මෙම ස්ථානය දුතියසේල කිත්සෙන් පව්ව ලෙසත් විහාර අස්නෙහි පරණ නුවර ලෙසත් සඳහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ ගල මුදුනේ මුලින්ම විහාරයක් කරවුයේ ක්‍රි.ව. 470 පමණ ධාතුසේන රජු බව මහාවංශයේ සඳහන් වනවා .එහි සඳහන්ව ඇත්තේ පහන බද රට දාසෙන් පව්ව වෙහෙර ලෙසයි.










පැරණි බෝධීන් වහන්සේ අවුරුදු 800 පමණ පැරණි අතර කාලයත් සමග විනාශ වී දැන් වැඩ සිටින අලුත් බෝධීන් වහන්සේ.






පැරණි ශෛලමය බුදු මැදුර තිබු ස්ථානය.. 










උස් ස්ථානයක සිට වැස්සක් දක්නට ලැබුන දුර්ලභ දර්ශනයක්.
 




සාමසර නායයාම















ශ්‍රී පතුල...






දෙවනගල සුවිශේෂී වන්නේ රජවරුන් දෙදෙනෙකුගේ සෙල්ලිපි එකම ස්ථානයකින් හමුවීම නිසයි.
පළමු පැරකුම්බා රජ සේනා සමග යැවූ නගරගිරි සෙනවියා විසින් බුරුමයේ කුසුමීය නගරය යටත් කිරීම නිසා ඔහුට උඩපමුණුව හා පල්ලෙපමුණුව යන ගම්වරයන් ලබා දීම පිලිබඳ සෙල්ලිපිය සහ  විමලධර්මසූරිය රජු විසින් ක්‍රි.ව. 1592 දි රතනාලංකාර හිමිට පුද දුන් බව දැක්වෙන සෙල්ලිපි දෙක වේ.
ඉතාම වැදගත් මේ සෙල්ලිපි විනාශ වන ආකාරයට මුස්ලිම්වරු හා අනෙකුත් සොරුන් විසින් නොයෙකුත් ක්‍රියා සිදුකර තිබෙන ආකාරය දැකිය හැකිය.










ආපසු එන අතරතුර සුපුරුදු උතුවන්කන්ද ගමේ නිවසටත් ගොඩවැදුනා .











Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කරුණු දැක්වීමට. අධ්‍යයන කටයුත්තක් සදහා ඔබේ තොරතුරු උපුටාගැනීම සදහා අවසර පතමි.

    ReplyDelete

Post a Comment