දෙයියනේවෙල ,අරණායක

2016.06.04

පහුගිය දිනවල පැවති දැඩි වර්ෂාපතනයෙන් සබරගමුව පළාතේ වැඩිම බලපෑම සිදුවුයේ අරණායක ප්‍රදේශයටයි.අරණායක අම්බලකන්ද,සාමසර කන්ද ,දෙය්යනේවෙල ඇතුළු කඳුකර ප්‍රදේශ රැසක් නායයාමට ලක්වුනා.අරණායක අසුපිනි ඇල්ල ආසන්නයේ අපි හොඳින් දන්නා පිරිසකගේ නිවාසය ඇතුළු නිවාස රැසක් අවදානම් කලාප ලෙස නම් කෙරුණු අතර ඔවුන්ට එම නිවාස වලින් ඉවත් වන ලෙස දැනුම් දුන්නා.එනිසා අපි ඔවුන්ව මුණ ගැසීමට දෙය්යනේවෙල ගියා.






අසුපිනි ඇල්ල (රාවණා ඇල්ල) දෙය්යනෙවෙල යන පාරට දිස්වන ආකාරය 













ඇත්තම අසුපිනි ඇල්ල නොහොත් අශ්වයා පැනි ඇල්ල  


මේ ස්ථානය හඳුන්වන්නේ හකුරු මුලේ ගල යනුවෙනි.මේ පාලමෙන් එහා පැත්ත මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහල කෝරලය වන අතර අප පැමිණි ප්‍රදේශය සබරගමු පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පරනකුරු කෝරලය වේ.




Comments

Popular Posts