නල්ලතන්නිය හරහා අවාරේ සිරිපා

2015.10.17 

අවාරේ සිරිපා

පළවෙනි වතාවට අවාරේ සිරිපා යන්න පිටත් උනා.
ගම්පොල.නාවලපිටිය,ගිනිගත්හේන,දියගල හරහා ලක්ෂපාන පාරෙන් පැය 3කින් විතර නල්ලතන්නියට ළගා වෙන්න පුළුවන් වුනා.

 


සප්ත කන්‍යා කඳුවැටිය. ලංකා ඉතිහාසයේ ඛේදාන්තයක් බවට පත් වූ 1974 වසර. Martinez dc ගුවන් යානය විනාශ වූ සුන්දර කඳුවැටිය.

 


 ඇබර්ඩීන් ඇල්ල.



 මාවුස්සාකැලේ සමන් දේවාලය.
 


මාවුස්සාකැලේ ජලාශය .මෙහි චායාරූප ගැනීම තහනම් කර තිබෙනවා.



විදුලි ඉංජිනේරුවෙකු වූ විමලසුරේන්ද්‍ර මහතා ලංකාවේ පළමු විදුලි බලාගාරය වූ ලක්ෂපාන බලාගාරය සෑදීමේදී සිදුවූ අපහසුතාවයන් වලක්වා එය සාර්ථක කර ගැනීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීම සදහා මෙය ඉදි කර තිබෙනවා.1924 දි ඉදිකිරීම් ආරම්භ කල ලක්ෂපාන විදුලි ව්‍යාපෘතිය නොයෙක් බාධා කරදර මධ්‍යයේ ඉදිකිරීම් කරගෙන යන ලද අතර මෙහි වැඩ කටයුතු වල අවසානයක් දැකීමට නොහැකි වීම නිසා සමන් දෙවියන්ට භාර හාර වීමෙන් පසු 1950 වසරේදී මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට හැකිවූ බව සඳහන්.එදා සිට මේ දක්වාම මෙහි සම්පුර්ණ නඩත්තු කටයුතු කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින්.








දහවල් 1ට පමණ .ඈතින් වර්ෂාව ආරම්භ වෙමින්.



පොද වැස්සේම අපි නැවත ගමන ආරම්භ කළා.දේවාලේ කපු මහත්තයා අපිට දුන් උපදෙස්  අනුව අපි ගමන ඉක්මන් කළා.උපදෙස වුයේ පොද වැස්ස නොතකා ඉක්මනින් කරුණා කරන ලෙසයි..
අවාරයේ මෙහි වර්ෂා රටාවක් තිබෙනවා.වර්ෂාව පටන් ගන්නේ දවල් 12 පස්සේ.එය බොහෝදුරට අනිවාර්යෙන්ම සිදුවන්නක්.පොද වර්ෂාව සවස්  වනතුරු පැවතීමෙන් පස්සේ රාත්‍රී 7 පමණ වනවිට ඒ වැස්ස ක්‍රමයෙන් වැඩි වනවා.පාන්දර 1පමණ වන විට එය නැවත තුරල් කරනවා.ඉන් පස්සේ කාලගුණය පාන්දර වන විට යහපත් තත්වයක පවතින බැවින් ඉර සේවය බැලීමට සුදුසු ආකාරය නිර්මාණය වෙනවා.මේ කාලගුණ රටාව හොඳින්ම දන්නා විදේශිකයින් පාන්දර යාමයේ ශ්‍රී පාදය නැග ඉර සේවයත් බැලීමෙන් අනතුරුව දවල් වැස්සට පෙර ගමන අවසන් කරනවා.


මෝහිනී ඇල්ල.
නල්ලතන්නිය.



අපි නල්ලතන්නියට එන විටත් වැස්ස පටන් අරගෙන තිබුනා. කපු මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව අපි පොද වැස්සේම ගමන ආරම්භ කළා.



      
අපේ ආරක්ෂාවට යාලුවෙකුත් එකතු උනා.මෙයා මුළු ගමන පුරාවටම දවස් දෙකම අවසාන වෙනකන් අපිත් එක්කම වැස්සට තෙමෙමින් හිටියා.ඒ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවන බවත් කියන්න ඕනා.





                                                                 
මකර තොරණ 




                           
සක්‍රිය මට්ටමේ විශාල දිය ඇලි බොහෝ ප්‍රමාණයක් මෙහිදී දකින්නට පුළුවන්.



     
ගල් වැලි ආදිය ඔසවාගෙන ඉහලට ගමන් කරන දමිළ කම්කරුවන් .





        



මනුසත් කමක් නැති මිනිසුන් අතරේ මනුසත්කම ඇති තිරිසන් සතුන්.

     
කොයිතරම් සීතල උනත් නාගැනීම නම් කළා.










කඩයක් තිබීම නම් මිල කළ නොහැකි දෙයක් මේ තරම් දුෂ්කර වෙලාවක.

                                 

ඇත්තෙන්ම මේ සංවේදී අවස්ථාවක් උනා.අපි එනකම් එළියේ වැස්සේම මේ සතා බලන් උන් ආකාරය 




වේලාව සවස 6ට කිට්ටු නිසා නොනැවතීම ගමන යන්න තීරණේ කළා.


   


වේලාව රාත්‍රී 7.20ට පමණ 







 
රෑ ද දවල්ද හිතාගැනීමට නොහැකි වේලාවක්.එක්වරම සිහියට නැගුනේ රාස්සිගේ අව්වයි.



ඉදිකටු පහන පොලිස් මුරපලේ පොලිසියේ නිලධාරි මහත්වරුන් එදින රාත්‍රිය එම මුරපලේ ගතකිරීමට ඉඩ දී අපට සංග්‍රහ සත්කාර කළා.ඔවුනට ස්තුතිය හිමිවිය යුතුයි.




ඉතාම සුළු මොහොතකින් තද වර්ෂාව ආරම්භ උනා.ජීවිතේ පළමු වතාවට එවැනි වැස්සකට මුහුණ දුන්නේ.ඒ පැය කිහිපය එහි බරපතලකම අපට හොඳින් ඒත්තු ගැන්නුවා.එවැනි වැස්සකට එළියේදී මුහුණ දුන්නා නම් ඇතිවන තත්වය ගැන විස්තර නොකර ඉදීමයි වඩා සුදුසු.සියල්ලෝම මුහුණෙන් මුහුණ බලාගත් අතර සීතල අප වටකරමින් තිබුනා.


         




පාන්දරම නැවත ගමන ආරම්භ කල අපි උදෑසන ඉරසේවය බැලීම සදහා උඩමළුවට ළඟා උනා.වන්දනා කිරීමෙන් අනතුරුව ඉර සේවය බැලීමේ අවස්ථාව උදා වුනා.









විදේශිකයින් විශාල ප්‍රමාණයක් අවාරයේ ශ්‍රී පාද වන්දනාවට පැමිණෙනවා.




         


එදින විදේශිකයන් අතරින් විශාල පිරිසක්  චෙක් සහ ස්වීඩන් වලින් පැමිණි  සංචාරකයින් 




එම උදෑසන ඉතාම යහපත් කාලගුණයක් පැවතීම විශාල සහනයක් වුනා.



  



















             




     
කුණුදිය පව්වට වැටෙන ශ්‍රීපාද සෙවනැල්ල 

 















                          
උදෑසන 8.30 පමණ ආපසු පහලට කරුණාව ආරම්භ කළා.
.






              
















                                            


රාත්‍රියේ අප නැවතුන මුරපල.ඔවුනට පින් දී සමුදීමෙන් පසු අපි නැවත ගමන ආරම්භ කළා.















වාරය වෙනුවෙන් ඉදිකිරීම් සඳහා වෙහෙසෙන හමුදා සාමාජිකයින් හා කම්කරුවන්





                                                      
සාම විහාරයට දුරින් පෙනෙන යකා හැඩු ඇල්ල 







දහවල් 12.30 පමණ නැවත වැස්ස ආරම්භ වෙමින්




Comments

Popular Posts