ශ්‍රී පාද එරත්න.
2018.03.03
ශ්‍රී පාද එරත්න.
අවුරුද්දකින් පස්සේ අපේ ශ්‍රීපාද පිංකම මේ පාරත් කරන්න පුළුවන් උනා.අපේ නඩය අවශ්‍ය කලමනාත් අරගෙන කුරුවිට පාරෙන් ශ්‍රීපාදය බලා පිටත් උනා.මේ පාර වාහනයක් නැති නිසා බයික් වලම හැම දේම ගෙනියන්න සිද්ද උනා.
අඩවිකන්ද හන්දියේ ශාන්ත අයියාගේ කඩේ ගාව පොඩ්ඩක් නැවතිලා යන්න අමතක කලේ නෑ.
අපේ සුපුරුදු තැන...
මහ වැස්සකට කලින් විමලසිරි මාමලාගේ ගෙදරට එන්න ලැබුනා.අපි එනවත් එක්කම වැස්ස අපි වට කරන් හතර වටින්ම.සමන් දෙවියන්ගේ පිහිටෙන් වැස්සට කලින් ගෙදරට ආවා.
වැස්ස පායනකම් අපි විමලසිරි මාමගේ අයියා එක්ක කතා කර කර හිටියා. ඒ මාමා අපිට ශ්‍රී පාද අවට ජනකතා පුරාතන කතා ගැන විස්තර කියමින් වැස්ස පායනකම් හරිම රසවත් පැය දෙකක් තුනක් ගත කළා.
වැස්ස පායනවත් එක්කම අපි කුටි බලා පිටත් වෙන්න තීරණේ කළා.අපිට ඕන උනේ ස්වාමින්වහන්සේ නමක් සමග රාත්‍රිය ගල් ලෙනක ගත කරන්නයි.බඩුත් ඔසවාගෙන හවස හයට විතර පිටත් උනා.ඈතින් ශ්‍රීපාද පාර දර්ශනය ලස්සනට බලාගන්න පුළුවන්.
රෑ උන්වහන්සේගේ කුටියට ළඟා වන විට රාත්‍රී 8 පසු වී තිබුනා.වැස්ස නිසා අඩි පාරවල් මැකී ගොස් කැලෑ වැසී තිබුන පාරවල් නිසා පාර හොයා ගන්නත් අපහසු උනත් දුෂ්කරතා විඳ ගෙන ආ එක ඇත්තෙන්ම ලොකු දෙයක් උනා.
ශාන්ත ලෙන තුල ආලෝකයකට තිබුනේ බුදුන් වහන්සේට දැල්වූ පහනේ ආලෝකය පමණයි.
අපිට උන්වහන්සේ රෑ කෑම සදා දෙන අතරේ ධර්ම කරුණු සාකච්චා කළා.
සක්මන් මලුව.
උදෑසන.අපි කලින් දැකපු දේට වඩා බොහෝසෙයින් කුටිය වෙනස් වී තිබුනා.පිරිසක් ස්වාමින්වහන්සේගේ කුටිය ඇතුළු සක්මන් මලුව සාදා දී තිබුනා.
ගල් ලෙන පිටුපස මහා වනය පුදුමාකාර නිසල ලස්සනක් උදෑසන හිරු එලියට නිර්මාණය කරන්නේ
අපිත් උන්වහන්සේ සමගම පහල ගල් ලෙනට පිටත් උනා.
අපි දානය සුදානම් කරන අනිත් ස්වාමින්වහන්සේ වැඩම සිටින ගල් ලෙන.මෙහි ඉඩ පහසුකම් හොඳ නිසා අනිත් පස් නමටම මේ ගල්ලෙනට වැඩම කරවා දානය දෙන්න අපි තීරණේ කළා.
බුද්ධ පුජාවෙන් පසු අපේ අතින්ම සැකසු දවල් දානය උන්වහන්සේලා පස් නමටම පුජා කළා.
උන්වහන්සේලා දෙනමක් අපි වෙනුවෙන් කෙටි ධර්ම දේශනා දෙකක් පැවැත්වුවා.
ඉන්පස්සේ උන්වහන්සේලා අපිට නිවන යනු කුමක්දැයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම අවබෝධ කර දීමට සරල උදාහරණ දක්වමින් පැහැදිලි කළා.
කමටහන
Ayeth welawaka yamu neda............
ReplyDelete