යටියන්තොට වේවැල්තලාව , ඕලුඇල්ල


2016.11.27
යටියන්තොට වේවැල්තලාව , ඕලුඇල්ල

වේවැල්තලාව කියන්නේ බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන්ම වෙන් උන මුහුදු මට්ටමින් අඩි 4000 ට ඉහලින් පිහිටි සම්පුර්ණ හුදකලා ගමක්. ස්වාධීන රූපවාහිනි විකාශන කුලුන පිහිටා තියෙන්නෙත් මේ ගම ඇතුලත පිහිටි කඳු මුදුනක.කැළණිවැලි වැවිලි සමාගමට අයත් පුද්ගලික වතු යායක් වන මේ වතු යාය සංචාරක කලාපයක් නොවන බවත් පුද්ගලික වතු යායක් බවත් දැක්වෙන දැන්වීම් පුවරු මෑතක සිට ඇතැම් තැන් වල සවිකර තිබෙනවා.මීට කලින් කිසිම බාධාවකින් තොරව මේ සුන්දරත්වය විඳගෙන මේ හරහා ගමන් කරන්න අවසර දීලා තිබුනත් අපේම මිනිස්සුන්ගේ ක්‍රියා කලාපය නිසා අපිට යන්න ලැබුනේ එක්තරා සීමාවක් දක්වා විතරයි.































කැළණිවැලි වතු යායෙන් පිටවුනු අපි පල්ලම් බැස්සේ යටියන්තොට සීෆොත් පාරටයි..




වැඩිය ප්‍රසිද්ධ නොවුනත් ඕලු ඇල්ල ඉතාම ලස්සන ස්ථානයක්.වී ඔය කඩා හැලෙමින් ඕලු ඇල්ල නිර්මාණය කරනවා.








තනිකරම සිල්පර කඳන් යොදා තැනු පාලමක්.යකඩ හා ලී ඇරෙන්න සිමෙන්ති කොන්ක්‍රීට් කිසිවක් නෑ.








සුද්දා දැමු සිල්පර පාලම ඇරෙන්න අපේ මිනිස්සුන්ට තාම පාලමක්වත් දාගන්න පුළුවන්වෙලා නෑ.අදටත්  මේ පාලම නොතිබෙන්න යටියන්තොට හා සීෆොත් නාවලපිටිය අතර කිසිදු ප්‍රවාහනයක් කරන්න හැකියාවක් කොහෙත්ම නෑ.



මීට වසර ගණනකට ඉහතදී තිබු අවදානම් සහිත වැල් පාලම වෙනුවට තැනු අලුත් කම්බි පාලම.
මේ මීට වසර ගණනකට ඉහත තිබු ආකාරය..










කුඩා පරිමාණ ජල විදුලි බලාගාර මෙහිදී හොඳින් දැකගන්න පුළුවන්.










තෙප්පුකුලම නමින් හඳුන්වන ස්ථානය.ආරක්ෂිතව නෑමට ඉතාමත් ප්‍රසිද්ධ තැනක්.වී ඔය ගලාගෙන යන අතරතුර මේ ස්ථානය තිබෙනවා.







මීට වසර 4ට පෙර එනම් 2011.10.09  දින අප මුලින් ගිය අවස්ථාවේදී















සුන්දර වේවැල්තලාව ගම්මානය.












මේ ස්ථානය දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් ලෙස භාවිතා කල ස්ථානායක්.තවමත් පැරණි ගොඩනැගිල්ලේ නටඹුන් දැක ගන්න පුළුවන්.














මොහොතකින් විකාශන කුලුන පෙනී නොපෙනී යන තරමට දසත මීදුම..













මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය.



බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් විසින් තේ දළුපහලට ප්‍රවාහනය සඳහා භාවිතා කල රැහැන් පද්ධති තවමත් ශේෂව පවතින අයුරු දැකගන්න පුළුවන්.







දෙවන ලෝක යුධ සමයේ මතකයන්.





dripping rock නමින් හඳුන්වන ස්ථානය.කොයි තරම් පෑවිලි කාලයක උනත් මේ ගිරි ශිකරය උඩින් වැටෙන වතුර පහරේ කිසිම වෙනසක් නැහැ.හැමදා විසි හතර පැයේම පහලට නොවෙනස් ජල පහරක් කඩා හැලෙනවා.



මේ ස්ථානයේ ඇති කුඩා කෝවිලක් 




මීට වසර4 ට පෙර ඕලු ඇල්ල. 






Comments

Popular Posts