දොරවක ප්‍රාග් ඓතිහාසික ඇතා බැඳි ලෙන


2018.04.29
දොරවක ඇතා බැඳි ලෙන.


ඇතා බැඳී ලෙන ලංකා ඉතිහාසයේ ඉතාම සුවිශේෂී ඉස්ථානයක් උසුලනවා.ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයන් විසු ඉස්ථාන අතරින් දොරවකට හිමිවන්නේ වැදගත් තැනක්.වසර 3000 කට එහා ලංකාවේ ආදී මානවයින් මෙහි ජීවත් වූ බවට මෙහි චිත්‍ර හා කැනීම් වලින් ඔප්පු වී තිබෙනවා.දොරවක ඒබිඩිගල නයිල් සමුහ ව්‍යාපාරයට අයත් පුද්ගලික වතු යායක මෙම ලෙන පිහිටා තිබෙනවා.වතු යාය පුද්ගලික වුවත් මෙම ඉස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්.








වත්ත කෙළවරක දොරවක ගනේගම දෙසට මෙය පිහිටා තිබෙන්නේ.











තේජාන්විත ලෙස ගල් පර්වත දෙකක් එකිනෙක සම්බන්ධ වී ඉහලට එසවී තිබෙනවා.









ජනප්‍රවාදයේ කියවෙන ආකාරයට වළගම්බා රජු තම ඇතා බැඳ තැබූ නිසා මෙයට ඇතා බැඳී ලෙන ලෙස පසුව ව්‍යවහාර වී තිබෙනවා.














1993 වර්ෂයේ මෙහි කැනීම් සිදු කර තිබෙනවා.







ආදී මානව සිතුවම්.


මෙහි විශේෂත්වය වන්නේ මව සමග පැටියා දැක්වෙන වෙන සිතුවම් ලංකාවේ වෙනත් තැනක දකින්නට නොමැති වීම නිසා.



























දොරවක ගනේගම දේවාලය ඒ අසල ගමේ පිහිටා තිබෙනවා.











Comments

Popular Posts